Wednesday, May 1

දිවි පුදා දිනා ගත් ලෝක කම්කරු දිනය හා ලංකා කම් කරුවා ලව්වා වෙනස් කරන මැයි දිනය ෴

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 5/01/2013 | Best Blogger Tips

කම් කරු දිනය නම් ඒහි නාමිකවම ඉතා සරලව කම් කරුවෙග දිනය නමින් හදුන්වන්න පුළුවන . කම් කරුවා ෙමම දිනය උදාකර ගත්තේ 1886 මැයි මස 01 වන දිනෙයදිය . ඒනම් අමෙරිකාවේ චිකාගෝ නුවරට ඒක් වු සමුහයකින් සැදුම් ලත් කුඩා පිරිසකෙගන් ආරම්භ කරන මෙම මැයි ධනයෙ තේමාව වුයෙ සේවාවන් ගේ සේවාකාලය උදෑසන ආරම්භයෙ පටන් ගත් විට නිමවිම තිරණය කරන්නේ ආයතන ප්‍රධානියා විම හෙතුවෙන් නොයෙකුත් ක්‍රීයාවන් වල නිරත වන සේවකයන්ට තම නිදහස නැති විම අරහා පවුල් වල ගැටලුකාරි තත්වයන්ද දවස් / මාසිකව ගන්නා වැටුප තරමින් තමන්ගෙ සෙවාව තිබුණද ඉහළ නිලතලධාරින් සාධාරණයක් ඉටුකලෙද නැත. වෙනත් සිදුවිම් දවසින් දවස ඉහළට පැන නැඟිම හෙතු කරගනිමින් ඔහුන් විරොධ තාවයකට සුදානම් උහ.

පළමු දින සැදුම් ලත් සුළු කණ්ඩායමක් උවත් තෙවන දිනය වන විට . රටේහි සේවකයන්ට යථාර්ථය අවදි විම හෙතුවෙන් හැට පන්දාසක් 65000 ක් සේවකයින් තම අයිතින් හාම්පුතුන්ට පෙන්වා දුන්හ. ඒ දින විරොධය පල කල කම් කරුවන්ට තිරණාත්මක දවසක් උදා විය. රාජ්‍යය බලපැම් මැද කරගෙන ගිය විරොධ තාවය හමුවේ 1886 මැයි 03 වන දින ආයුධ සන්නද්ධ පොලිස් හේවායින්ගෙ ප්‍රහාරයක් වර්ජනයට එල්ල විය. එහින් තම අයිතින් වෙනුවෙන් විරොදයට එක් වු විශාල පිරිසක් අතරින් තම ජිවිතය කැපකළ සිව්දෙනෙක්ද විය.
මාරකයන් පෙනි පෙනිත් තම අයිතින් වෙනුවෙන් සටන 4 වන දිනයටත් බල ගැන් වු පිරිස් හේමාර්කට් චතුරශ්‍රයට එක් වුහ. එහිදි ඔහුන් තම ට හිමිවිය යුතු අයිතින් ඉදිරි පරාම්පරාවටත් පහත් ගණයේ වහල්ලු නොවන බව පසක් කරමින්ය. 


හතරවන දිනයෙදිත් පොලිසිය හා කම්කරුවන් අතර වචන හුව මාරුවක් ආරම්භ උනි. එහිදි බොම්බ ප්‍රහාරයක් එල්ල විමෙන් පොලිස්භටයෙකු ජිවිතක්ෂයට පත් විය. එහිදි ගැටුම උග්‍ර තත්වයකට පත්විමෙන් පොලිස් භටයන් 6 දෙනෙක් දක්වා මරණ සංඛ්‍යාව ඉහළ ගියහ. ඕගස්ටස් ස්පයිස්, ඇල්බට් පාර්ඩ්න්ස්, ඇඩෝල්ෆ් ෆීසර්, ජෝර්ජ් එන්ගල්ස්, සැමුවෙල් ෆීල්ඩන්, ලුයිස් ලන්ග්, මයිකල් ස්ට්වැච් හා ඔස්කා නිබේ යන කම්කරු නායකවරු පොලිසීය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔවුන්ට එරෙහිව නඩු පැවරිණ.
සටනෙහි ප්‍රතිඵල යවශයෙන් අත්අඩංගුවට පත් පිරිසට ජිවිතාන්තය දක්වා සිරදඩුවම ලැබුණද ඔස්කා නිබේට වසර 15 ක දඬුවමක් නියම උනි.


*පැය 8ක කාල සිමාව ඉල්ලා උත්ඝෝෂණයෙදි තම ජිවිත වලින් ලේ වැඟිරු කම් කරුවන් සිහිකිරිමට ජාත්‍යන්තර වශයෙන් ලොවට පෙන් වු පිරිස ජාත්‍යන්තර කම්කරු සංවිධානය 1889 දිනයෙදි ලොක කම්කරුදිනය මැයි මස 01 වන දින නම්කරන ලදි.


ශ්‍රී ලංකාවේ පළමු මැයි දිනය කම් කරු ජනතාව නියොජනය කරමින් පැවතුණේ 1933 වර්ෂයෙදිය.එයට මුලිකත්වය ගෙන කටයුතු කළේ කම්කරු පියා ලෙස විරුද්ධාවලියෙන් නම් කෙරූ ඒ.ඊ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. ගුණ සිංහ මහත්මා කම් කරුවා අතරට එන්නේ ලාභ ප්‍රෙයාජන පතාගෙන නොවෙයි .. ඔහුගේ අධ්‍යාපනය මහනුවර පිහිටි ධර්මරාජයෙන් පන්නරය ලබා ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් වැඩිදුරටත් අධ්‍යාපනය ප්‍රගුණ කළහ. එංගලන්තයෙ ගොස් තවද අධ්‍යාපනය ලැබු මෙම මහතා තරුණ අවදියෙ පටන් කම්කරුවා ෙවනෙුවෙන් හඬ අවධිකිරිමට පසුබට උණේ නැත අතර මෙරට අනෙකුත් සිංහල අධිරාජ්‍යවාදී ජාතික නායකයන් මෙන්ම ගුණසිංහ මහතාට ද 1915 දී සිරගත වීමට සිදුවිය එනම් සිංහල - මුස්ලිම් කෝලාහල හේතුවෙන් ඉංග්‍රීසින් අනෙකුත් ජාතික වීරයන් සමග ගුණසිංහ මහතාද සිරගත කරන ලදී. සිරෙන් නිදහස් වූ පසුව ද ඔහු තම සටන දිගටම ගෙන ගියේය කම්කරු පාර්ශවයට නව පණක් එක් කරමින්ය.එකල පැවති ඇඟ බද්දට විරෝධය පෑමක් වශයෙන් එතුමා සාමාන්‍ය ජනතාව හා එක්ව පාරේ කළුගල් කැඩුවේය.ජාතිය වෙනුවෙන් ගුණසිංහ මහතා ගෙන ගිය මෙම විරෝධතා හේතුවෙන් ඉංග්‍රීසින් තව තවත් උරණ විය.මෙරට කම්කරු ව්‍යාපාරයේ ශීඝ‍්‍ර ව්‍යාප්තියට මුල් වූ ලංකා කම්කරු පක්‍ෂය පිහිටුවන ලද්දේ ගුණසිංහ මහතා විසිනි. 1922 දී වරායේත් දුම්රිය සේවාවේත් කම්කරුවන් එකතු කොට එය පිහිටුවන ලදී. එම පක්‍ෂය මගින් උද්ඝෝෂණ කොට කම්කරු ඉල්ලීම් කිහිපයක් දිනාගන්නා ලදී. මෙරට ඉතිහාසයේ සිදු වූ ප‍්‍රතම මහා වැඩ වර්ජනය වන්නේ ට‍්‍රෑම් කාර් වැඩ වර්ජනයයි. 1926 දී කොළඹදි මෙම වර්ජනය දියත් කළ ගුණසිංහ මහතා ඉන් ජය ලැබුවේය. !!! 

කම්කරුවගේ අභිවෘද්ධිය නියොජනය ලත් ගුණසිංහ මහතා විදෙස් රටවට තම ජනතාවගෙ හඬ අවධිකරනමින් කම්කරු ජනතාව නියොජනය කළහ. ඔවුන්ගේ ඉල්ලීම් - අයිතිවාසිකම් ලබා දුන්නේය.කොළඹ නගර සභාවේ සභිකයකු ලෙස කටයුතු කළ ගුණසිංහ මහතා එහි ප‍්‍රතම නගාරාධිපති ලෙසද ගෞරවයට පාත‍්‍ර වූයේය. ප‍්‍රතම හා දෙවන රාජ්‍ය මන්ත‍්‍රන සභාවල මැද කොළඹ මන්තී‍්‍ර ධූරයද මෙතුමා විසින් දරණ ලදී. එසේම කම්කරු හා සමාජ සේවා අමාත්‍යවරයා ගේ පාර්ලිමේන්තු ලේකම් තනතුර ද කාර්ය නියමයක් නැති අමාත්‍ය ධූරය ද දැරුවේය. එසේම ගුණසිංහ මහතාගේ උද්යෝගය හේතුවෙන් මැයි දින කම්කරුවන්ගේ දිනය ලෙස පිළිගැනුණේය. 1948 බි‍්‍රතාන්‍යයේ පැවති ජාත්‍යන්තර පාර්ලිමේන්තු සම්මේලනයේ ලංකා නියෝජිත පිරිසේ නායකත්වය ද දැරුවේ ගුණසිංහ මහතා ය.1952 මැතිවරණයේ දී කොළඹ නගර සභා මැතිවරණයේදීත් ගුණසිංහ මහතාට පරාජය වීමට සිදු විය. කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන් අවසන් වු ලංකා ඉතිහාසයේ ප්‍රථම මැයි රැළිය පැවැත්වුයේ, 1933 වසරේදීය. එමෙන්ම 1956 වසරේ මැයි දින සැමරුමේදි මැයි 1 වැනිදා මෙරට රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. එවකට පැවති කම්කරු සංගම්වල වාද භේද ප‍්‍රතිවාදීන්ගේ බලපෑම් නිසාවෙන් වැඩි දියුණු වූ බැවින් ගුණසිංහ මහතාට පරාජය අත්විය . කම්කරුවන් වෙනුවෙන්ම පමණක් නොව රට ජාති ආගම වෙනුවෙන්ද මෙතුමා කටයුතු කළේය .ධර්මපාලතුමා විසින් බුද්ධගයාව බේරා ගැනීම සඳහා ගෙනගිය ව්‍යාපාරයට මෙතුමා ද දායක විය. එසේම භාරතයේ බෞද්ධ කටයුතු වල දියුණුවටත් මෙතුමා මහත් මෙහෙයක් කළේය.කම්කරු ජනතාවට ඉමහත් මෙහෙයක් සිදු කළ ඒ. ඊ. ගුණසිංහ මහතා 1967 අගෝස්තු 04 වන දින අභාවප‍්‍රාප්ත විය. ජීවිතයේ අවසන් භාගයේ දී එතුමා ඉන්දුනීසියාවෙත් බුරුමයෙත් ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළේය . කොළඹ කෙසෙල්වත්ත මංසංධියේ ඇති එතුමාගේ විශාල ප‍්‍රතිමාව තුළින් ධනපති පංතියට එරෙහිව කම්කරුවන් වෙනුවෙන් ගෙනගි සටන අදවන විට වෙනස් කර ඇත.



දේශපාලනික:-
1927 සිට ලංකාවේ විවිධ මැයි රැළි පවෙතුණේ කම් කරුවා වෙනුවෙන්ය නමුත් මෙවන විට කම්කරුවාගෙ හඬ නැතිකොට දේශපාලනික වශයෙන් පන්නරය ලබා ඇදියන මැයි දිනය විවිධ අන්දමින් පෙළහර පානු ඇත. ජනතා විමුක්ති පෙරමුණ.එක්සත් ජාතික පක්ෂය.නිදහස්පක්ෂය වැනි ප්‍රබල දෙශපාලනික සඟයන් මැයි පළමු දින සමරන්නේ ක්මකරු පාර්ශවය වෙනුවෙන් ද නොව එනම් තමන්ගෙ දේශපාලනික අදහාස් සටන් පාඨයකට හැරවිමටය. මැයි දිනයට එකු වන්නේ මෙවක ජනයා ගෙ කැමැත්තකින් නොව ඔහුන්ව කෑම පැකට් එකකට හා මුදලට ගෙන්වා ගැනිම විවිධ ප්කස සාමාජිකයින් සිදුකරනා කට යුත්තකි එය මෙහි දිග හැරිම නොකරන්නේ නොදන්නා අයෙකුද නැති නිසා. කම්කරුවන්ගේ අදහස් ප්‍රකාශය කිරිමේ අයිතියද උල්ලංඝනය කර ගනිමින් දෙශපාලන වටපිටාවකට ජනතාව එකතු වෙයි . රාජ්‍යය සේවකයින්ටද ඔහුන්ගේ ඉහළ නිලධාරින් ගෙ බල පෑම් හමුවේ තම අයිතින් පසක ලා රාජ්‍යේ උසස් යෑයි පෙන්වන මතු පිටාව පෙන්විමට පෙළ ගැසෙයි ! වෙනත් දේශ පාලකයින් තවත් කණ්ඩායම් ද මුදල් කෑම බීම දි ප්‍රවාහනයද අනුරාධ පුර - පොලොන්නරුව වැනි විවිධ ප්‍රෙද්ශවලින් රටේහි අහිංසක ජනතාවගෙ දිනයේ තේමාව වෙනස් කර ගනිමින් උලුප්පා පෙන්විමට මුවහත් කර කොළඹට ගෙන්වයි.. රටේහි තනාධිපතිත්වය සිට පක්ෂ විපක්ෂ නායකයින් කරන්නේ වැඩකරන ජනතාවගෙ සටන් පාඨයන් බිඳ දැමිමට තැත්කිරිමක් නොවේද..??? මැයි දිනය නම් රටේ ලෝකයේ වැඩකරනාජනතාව වෙනුවෙන් තිබිය යුතු දිනයකි එය දේශපාලනීකරණය වි ඇතත් අදවන විට එහි යථාර්ථය ලොව දකින හෙට උපදින දුවා පුතාට පෙන්වා දිම අපි කවුරුත් කට යුතු වෙන්නට ඔන යුතුකමකි !




















සටහන 
Gayan Perera
උපුටා ගත් වෙනත් කාරණා 
Lakmali perera 

1 අදහාස්:

Nishan de siva said...

අද දිනයේ ඉතිහාසගත කතාව මතක් කරපු එක හොඳයි නැත්තම් අපි දන්නෙත් පාට පාට පෙළපාලි විතරයි.

අදහසක් එකතු කරලම යමු නේද ........

හිරු

free myspace layouts

=

myspace graphics