Wednesday, May 25

සොබාදහම මිනිසුන්ට දුන් තෑග්ග

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ | 5/25/2016 | Best Blogger Tips

අපේ තාත්තා හා කට්ටිය අද විදුලිය දෙන්න ගිහින් තියනවා කොටිකාවත්ත පැත්තට ඉතිං ඒ ත්‍රී-පෙස් ලයින් එකක් දෙන්න ..
මම :-ඒ කියන්නේ ලොකු ගෙයක් වෙන්න ඇති ..
තාත්තා:- බිස්නස් කරන මුදලාලී කෙනෙක් ඉන්න ගෙයකට
මම:-ආහ් ඒ මනුස්සයා එහෙනම් වතුර බහිනකන්ම ඉවසිල්ලක් නැතිව ඉන්න ඇති නේද ..?
තාත්තා:- ඔව්.. වතුරට ගිහින් තිබුණා රෙදි පීස් මැෂීන් විශාල ගාණක්.. ඒ ඔක්කොම වතුරේ ඉතින් ඒ මනුස්සයගේ බිස්න වලින් 75% විනාශයි
මම:- ලොකු කරුමක්කාරයෙක්..
තාත්තා:- ත්සූනාමි දවස්වල ගාමන්ට් එකක් තිබිලා ඒ වතුරටත් එකෙන් ගාමන්ට් එක වහන්න වෙලා...
මම:- ඔන්න ඔක තමයි තාත්තේ කර්මයක් තිබේනම් ලොකු පොඩි භේදයක් නෑ... අපිවත් ලොකු නෑ කාටස් සොබාව ධර්මයා එකලෙස සලකනවා...
තාත්තා:- ඒ මනුස්සයා හරි හොද මනුස්සයෙක් ...
මම:- මනුස්සයා හොද උණාට සොබාව ධර්මයා දන්නවා වෙන ආත්මවල කරපු පව් පිං ගැන.. ඒ මනුස්සයා මොනම ආත්මෙක හරි කාගේ හරි දෙපළක් විනාශකරන්න ඇති. හරි බලන්න ලස්සන කතාවක් තියනවා මුගලන් මහාරහතන් වහන්සේ ගැන.. අන්තිමට පිරිනිවන් පාන්න උණේ නුගත් මිනිසුන්ගේ ගුටි බැට වලට ලක්විලා...
එක වළක්වන්න කාටවත් බෑ.. මොකද පෙර කරපු අකුසල කර්මයක් තිබුණා ඒ මව පියා ඝාතනයකට ලක්කරපු ඒ පාපී ක්‍රීයාව නිසා... ඉතිං තාත්තේ බුදුන් බුදු උණාටපස්සෙත් කර්මය පළදෙනවනම් ඒ මිනිසුන් අපි කවුද...
තාත්තා:- හ්ම්ම්ම්ම්.. එක හරි
ඒ කතාව අවසන්............................................
මම මේ කතාව කියන්නට උණේ කවුරු උණත් අන්නුගේ දේ කඩා වඩාගෙන ,විනාශකරලා,හොරකම් කරලා,බොරු චොදනා කරලා ඒවැනි දේ වලින් සතුටක් ලැබ දිවි ගෙවන මිනිසුන් හිතන්නට ඕන.. මෙලෙවදි හෝ ඒ ලොවදි කරපු කර්ම කවදාක හෝ පලදෙන බව සහතිකයි.. ආගම් භේද නැත , ලොකු පොඩි බව නැත සොබාව ධර්මයා හරි සොදුරුයි ඒ සොඳුරු මිනිසුන්ට ..... අපිද කර්මය ගෙවන්න ඔන කොපමණ තිත්ත උණත්.....


ඉතිං සමහර අය්යලාට එහෙම සොබාව ධර්මයා අඩුපාඩුවක් නොවෙන්න දිලා තිබුණා..
අපි ඉතිං මොනවා කරන්නද නේ... :)
හඬන්න ඉන්න මිනිසුන්ගේ ඇහැට ඉරට්ටෙන් අනින්න නොවෙයි මේ ලිව්වේ.. තව තවත් වැරදි මේ භවයකදි හරි නොකර ඉන්න කියන්න... මට බැන්නට කමක් නෑ .. නමුත් මං කැමැතියි ඉස්සර ඉදන් කෙළින් බනින මිනිසුන්ට .. බැන්නා කියලා මට ගානකුත් නෑ...


.:: හිරු එළිය ::. 

හිරු

free myspace layouts

=

myspace graphics