
එදා ඇසුණ මිහිරියාව අද කොහිබද....?
කවදාවත් නැති පාළුවක් දැනුණා.. ගොඩාක් අය සතුටෙන් ඉන්න දවසකත් මට ගොඩාක් දුකක් දැනෙන්නේ කොහොමද...??? හ්ම්ම්ම් මම මගේ හිතෙන්ම ප්‍රශ්න කර ගත්තා ..ගොඩාක් වෙලා සොයන්න උත්සාකළත් එය සෙවිම මහා බරපතල කාර් ්‍යයක් උනේය. අද දවස පුරාවටම.. ඒ කියන්නේ අවුරුදු ලැබුව වෙලේ ඉදන්... මෙහෙයුම ඉදිරියටත් කරගෙන ගියෙය.
තවමත් කල්පනා කරන්නේ කුමක්ද මේ ගැටලුව කියායි.. දැන් දවස පසුවි ඇත එනම් 14.04.2012 - 1.01 අලුයම පමණ උනි .. මා සැටියේ හාන්සිවි කල්පනා කළේය. මගෙ ඇස් පියවෙන්න ඔන්න මෙන්න තියෙද්දි ..
මගේ මහේගෙට අවේ දැනට අවුරුදු 1 1/2 ඉහතදි මා ලැබුවාවු ආදරයයි ..! එය මතක් වෙද්දි සිත් කම්පනය කරනවා නොඅනුමානය එනම් ජිවිතයේ මිහිරිතම සතුටින් සහා සිනහා මුසු මුහුණින් ජය ගත් දිනයන්ය.
මා අමතක කරන්න හැදුවද ඒ සුන්දර මතකයන් තවමත් සිත් තුළ ඇඳි තිබෙන රූප අතරින් ප්‍රබල ස්ථානයක් ගත්තද එය මකාදමන්න මා හදවතින් මහාත් වෙහෙසක් දරන්නේ මා අත්ම ශක්තියද එක්කර ගනිමින්ය එහෙත් පහසු නැත.
උඩු සිතින් ලෝකයෙන්ම සතුටින් සිටින්නා බවත් තවෙකු සතුට් කරන්නා යන නාමාවලින්ද මා හට පට බැදි ඇත ..එහෙත්........! මා යටි සිතින් හඬනවා දස දහාස් වාරයක් එය පෙන්විමට නොහැක. තවෙකෙකුට කියා වෙදනාව කියා යටපත් කිරිමට නොහැක. එය නැතිකිරිම මා සතු බව දනියි මංදයත් එයට බෙහෙත් කිරිමට උපරිම උත්සායක් දරන්නේ .. ඇත්තටම කිවහොත් මේ අහිංසක හදවතට එය දාරාන ඉන්න නොහැකි බැවින්..
අවුරුදු සුබ පැතුම් කොපමණ පැමිණුනද පෙර තරම් හදවතට නොදැනෙන්නේ මංද සොයා බඅලුවේ නැවතත් වර්තමානයට සමුදිමෙනි.. මොකක්ද මේ වෙනස .. හරි සිත වටහා ගත්තා සෙම දෙනෙතට කදුළක් දිමටනම් අමතක නොකළෙය.. ඔව් “ එනම් අවුරුද්ද ලබනවාත් සමඟ මගේ සිතේ අවුරුද්දේ මිහිරි හඩ අවදිකරන ඒ රත්තරන් මගෙ මැණිකගෙ කටහඬයි .. අනේ මගේ රත්තරණ මට සුබ පැතුවා.. (හලෝ මගේ කුක්කු පැටියට සුබ අළුත් අවුරුද්දක් වේවා ..!!!) කියාය.. මගේ පියඋන දෙනෙත් විවර කර බැලුවේ ඇත්තටම මා ළඟට පැමිණ ඇතැයි සිතමින්ය .. අලොකය විදුලි බුබුළු වලින් දෙනෙත් වෙත පතිත උනම්ත් මා සිත සම්පුර්ණයෙන්ම නැවතත් අදුර රජයන පාළු හිස් අහාසක් බවට පත්විය.
ගොඩාක් දේ සිහියට නැගෙන්නට විය ඒ අතර ඇය තවෙකෙකුටත් පෙර මා සනසපු තරමටම සනවනවා ඇති ඔවු එය එහෙමමයි.. එහෙත් මේ
ඉරි-ෂීයාකාරයා තවම ඒ අතිතයට ඉරිෂීයා කරනවා සත්තයි.....!
ඔයාට ශුභ අලුත් අවුරුද්දක් වේවා ...!!!
තවමත් මේ අවුරුද්දෙත් තනිව සිත් ගොලුකරලන්නට
අවුරුදු කුමරුගෙන් වරම් ගත් මම
( (( හිරු )) )




