මාසිතින් සිර කළා....
දිගු කලකට ඈස ගැටුනේ
නුඹ ඉන්නවා දුර මානේ
මගෙ සිත යළි පිබිදෙන්නේ
නුඹ හින්දම ළදුනේ
නුඹටත් නැහැ දැනුණේ
දුක හැමදා වෙලෙන්නේ
මෙතෙක් මඟ බලන්නේ
නුඹ තවමත් නැහැනේ
වෙන හදකට අතපා
නුඹ ගිය හැටි පෙරදා
මේ සිත කැති කරලා
නුඹ යන්නම හැදුවා
බැහැ තව ඉවසන්න
නුඹ යන්නම යන්න
මට ඉන්න කියන්න
බැරි අවනත වන්න
මේ ලෝ අපි කිසිදා
උනි ආදර බැදිලා
නැත ජිවිත කිසිදා
එක සෙවනක රැදිලා








5 අදහාස්:
ඔබ යන්නම යන්නම යනවා නම්
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්
යලි එන්නම එන්නම හිතුනේ නම්
යලි එන්න එපා මගෙ හිත තහනම්..
කාලෙකට පස්සේ වෙනස්ම ආරක සිතුවිල්ලක් !!
නුඹ මා ලොව කලුවර කර
පැන ගිය පලියට
කෙලෙසක දොස් පවරමි නුඹහට...
කිසි කෙනෙකු නොදුන් ආදරයක්
නුඹ මට දුන්කොට.....
නේද දඟේ....?:'(
ඔව්.. ඇත්ත...
මගේ එහා පැත්තේ හිටියත් මට කතාකරගන්න විදියක් නෑ..
මන් කතාකරන්න ගියාම වචන එන්නෙ නෑ...
ඇඩෙනවා අප්ප මේ කවි ටික කියවන කොට
හැගුමක් වේලි ......
සුසුමක් සැලී
හදවත
තනි වී
සිත් අහසේ ........
වෙලුනු
හදකට
පෙම්
කල
රතු
මල්
කීම මෙසේ
අද
තනිවෙලා ...............
අදහසක් එකතු කරලම යමු නේද ........